Health
කනේ දිලීර හට ගත්තොත්.....
ප්රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ සාකච්ඡා කළේ කර්ණ රෝග 28 ක් තිබෙන බව හා ඒවා අතුරින් සුලභවම පවතින රෝග ගැනයිග මේ යටතේ අප අවසන් වශයෙන් කතා කළා Ear Wax හෙවත් කළාඳුරුල එහෙමත් නැත්නම් කර්ණ මල ගැනග ඒ රෝග තත්ත්වයන්ට හේතු පාදක විය හැකි කාරණා ගැනත් අප පෙන්වා දුන්නාග මීට අමතරව කනට වැළඳෙන සෙසු රෝග මොනවදරෑ
ආචාර්ය වෛද්‍ය ශ්‍රියානි පීරිස් - සමහරුන්ගේ කන් නිතරම කසනවාග මෙහෙම දිගින් දිගටම කසන විට කනෙන් කිසියම් දියරයක් ගලනවාග මෙය සිදුවන්නේ කන තුළ දිළීර තත්ත්වයක් හට ගත් විටයිග මෙවැනි තත්ත්වයක් තිබෙන විට කන තුළින් දුඟදක් හමනවාග පරණ පාන් වතුරේ පොඟවලා දවසක් විතර තැබුවාම එන ගඳට මේ ගඳ සමානයිග විවිධ හේතු මත මේ දිලීර හටගන්නවාග සමහර විට ඔලුවේ හිස් සොරි තිබුණාමත් කනේ පුස් හටගන්නවාග ඒ හිස්සොරි කන ඇතුලට ගිහින් තැන්පත් වන නිසයිග ඒ වගේම දියවැඩියා රෝගීන්ටත් කනේ පුස් වර්ග හට ගන්නවාග කෙනෙක් කන කසන විට එය තුළට විවිධ දේවල් ඇතුළු කරනවා නම් ඒ මගින් අවට පරිසරයේ තිබෙන පුස් වර්ග කන තුළට ගිහින් තැන්පත් වෙන්නට පුළුවන්ග ඒ වගේ දේවල් කන ඇතුළට දමලා කන කසද්දී කනේ ඇතුල් ස්ථරය තුවාල වෙනවාග එතකොට ඒ තුවාල වූ තැන පුස් හට ගන්නටත් පුළුවන්ග ආයුර්වේදයෙ එනවා කර්ණ කණ්ඩු කියලා තත්ත්වයක්ග කන තුළ හටගන්නා දිලීර තත්ත්වය තමයි මෙයින් හඳුන්වන්නේග මේ දිලීර සුදු පාටට තියෙන්නත් පුළුවන්ග කළු පාටට තියෙන්නත් පුළුවන්ග
මේ අතර පිට කනේ බිත්තිවල හට ගන්නවා කුඩා තුවාල විශේෂයක්ග අප මේවා හඳුන්වන්නේ කර්ණ විද්‍රධි කියලයිග මෙය ඉතාම වේදනා සහගත තත්ත්වයක්ග මෙවැනි රෝග තත්ත්යක් තුළ කන අල්ලන්නටවත් බැරිවන තරමට රිදෙනවාග
මෙහිදී තවත් වැදගත් දෙයක් කිව යුතුයිග ඒ කනේ සැරව ගැලීම ගැනයිග මෙහි අවස්ථා දෙකක් තිබෙනවාග පළමුවැන්න තමයි කන තුළ සැරව හට ගත්තත් පිටතට නොගැලීමග එයට හේතුව කන් බෙරය හිල්වුණොත් තමයි සැරව පිටතට ගලාගෙන එන්නේග ඒ කියන්නේ ඇතුළෙන් පිටට සැරව ගැලීමග බාහිර කනේ මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් සැරව පිටට ගලනවාග ඒ එක්කම තවත් වැදගත් දෙයක් තමයි කුඩා දරුවන්ගේ දීර්ඝ කාලීන උගුරේ ආසාදනග උගුර සහ කන අතර සම්බන්ධයක් තිබෙනව බව මා මීට පෙර සතියක කිව්වාග එය හටගන්නේ යුස්ටේකීය නාලය හරහාග ඉතින් මේ යුස්ටේකීය නාලය හරහා මැද කනේ සෙම එකතු වෙනවාග ඊළඟට කල්ගත වෙද්දී එතැන ආසාදනයක් ඇති වෙනවාග කර්ණ පටලය නොරාගෙන ඇවිත් පුපුරනවාග එවිට මැද කනේ සිට දියර පිටතට එනවාග මෙය ඉතා පරෙස්සමින් සැලකිල්ලට ගත යුතු තත්ත්වයක්ග මැද කනේ සෙම එකතු වුණාමත් ලොකු වේදනාවක් හට ගන්නවාග රෝගියාගේ කුස පිරුණ තත්ත්යක් එනවාග ශ්‍රව්‍ය දුර්වල වෙනවාග මන්ද යත් යුස්ටේකීය නාලය අවහිර වීමයිග
ලබන සතියේදී බිහිරි භාවය ඇති වීමට හේතු
සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත
curtesy : divaina.com